September 19, 2018

"වෙල් විදානේ කෙනෙක්වත් නොකරන වැඩ ෆොන්සේකා කරන්නේ" - ඩිලාන්

වෙල් විදානේ කෙනෙකු හෝ නොකරන වැඩ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිදු කරමින් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපලේකම් ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේකා මහතාට ලබාදී තිබෙන ෆීල්ඩ් මාර්ෂල් තනතුර වහාම ඉවත් කළ යුතු බවද ඊයේ  (13) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.

මීට අමතරව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ අමාත්‍ය ධුරය ඉවත් කළ යුතු බවත්, සරත් ෆොන්සේකා මහතා විසින් යුද හමුදාපතිවරයා අපකීර්තියට පත්වන ආකාරයට ප්‍රකාශ සිදු කරන බවත් උපලේකම්වරයා පැවසීය.

Rate this item
(0 votes)