November 15, 2018

අගමැති නොමැතිව ජනපති කැඳවූ හදිසි කැබිනට් රැස්වීම අවසන්! ඇමැතිවරුන්ගේ ප්‍රතිචාර නෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) කැඳවා තිබූ කැබිනට් මණ්ඩලයේ හදිසි විශේෂ රැස්වීම මේවන විට අවසන් වී තිබේ.

මෙම විශේෂ රැස්වීම අද දහවල් 12.00ට ජනාධිපති කාර්යාලයේදී ආරම්භ වූ අතර සියලුම අමාත්‍යවරුන්ට අද දහවල් පැවැත්වෙන විශේෂ කැබිනට් රැස්වීමට සහභාගි වන ලෙස ජනාධිපති කාර්යාලය ඊයේ (12) පස්වරුවේ ඇමැතිවරුන්ට දුරකථනයෙන් දැනුම් දී තිබිණි.

මේ අතර එම විශේෂ රැස්වීමට සහභාගී වූ ඇමැතිවරුන්ද මාධ්‍යයට අදහස් දක්වා නොතිබිණි. මේ වනතෙක් මෙම විශේෂ කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න හෙළි වී නොතිබිණි.

කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම, රංජිත් මද්දුම බණ්ඩාර, දුමින්ද දිසානායක, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, නිමල් සිරිපාල සහ මනෝ ගනේෂන් මේවන විට නිල සංචාරයවල නිරත වේ. 

සතිපතා පැවැත්වෙන සුපුරුදු කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (11) පෙරවරුවේ පැවැත්විණි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 September 2018 16:20