September 19, 2018

යාපනයේ පොලිස් ජිප් රථයක් පැහරගත් සැකකරුවන් අත්අඩංගුවට

යාපනය කෝපායි චෙට්වේලී ප්‍රදේශයේදී පැහැර ගැනීඹකට ලක් වූ පොලිස් ජිප් රථය සොයගත් බවටත් සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ (12) අළුයම  වන විට අත්අඩංගුවට ගත් බවටත් කෝපායි පොලීසිය කියා සිටියේය.

කෝපායි පොලීස් වසමට අයත් චෙට්වේලි ප්‍රදේශයේදී පෙරේදා (11) රාත්‍රියේ කිසියම් පිරිසක් මත් පැන් පානය කොට පහර දී ගැනීමක් සිදුව ඇති අතර අදාල නොසන්සුන්තාවය පිළිබඳ කෝපායි පොලීසියට දැනුම් දීමෙන් පසුව කෝපායි පොලීසියේ ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් ජිප් රථයෙන් අදාල ස්ථානයට ගොස් ඇත.

පහරදී ගැනීම සිදු වූ ස්ථානයට ගිය පොලිස් නිලධාරීන් තත්වය පාලනය කොට කෝලාහල සිදු කල තිදෙනෙකු එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගෙන ඇති අතරතුර කෝලාහල සිදුකල බීමත් තවත්  පුද්ගලයෙකු විසින් පොලිස් නිලධාරීන් පැමිණි ජිප් රථය රැගෙන පලා ගොස් ඇත.

එහිදී පොලිස් නිලධාරීන් ජිප් රථය පසුපස ලුහුබැඳ ඇති අතර ජිප් රථය පැහැරගෙන කිලෝමීටර් 09 ක් පමණ ධාවනය කොට යාපනයේ වැලි ගොඩ දමන ස්ථානයක් වූ කට්ටායි නැමති ප්‍රදේශයේ ජිප් රථය දමා සැකකරු පලා ගොස් ඇත.

පසුව  අද අළුයම 5ට පමණ කෝපායි පොලිස් නිලධාරීන් විසින් ජිප් රථය පැහැරගත් බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුත් සමග අත්අඩංගුවට ගත් සිව් දෙනාම අධික ලෙස මත්පැන් පානය කොට සිටි බවටද කෝපායි පොලීසිය කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)