November 14, 2018

උතුරු පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක්

උතුරු පළාත් සභාවේ 131 වෙනි සැසිවාරය අද (11) ආරම්භ වීමත් සමගම සභා ගර්භය තුළ දැඩි නොසන්සුන් තත්වයක් හා ගාලගෝට්ටියක් ඇති වුණි.

ඒ ප්‍රධාන අමාත්‍යවරයා අසුන් ගැනීමත් සමගම උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු හා මන්ත්‍රීවරු ''මේකේ ඇමතියෝ කවුද? ඇමතියෝ කවුද? යනුවෙන් කෑකෝ ගැසීම නිසාය.

පළාත් සභා පනතට අනුව පළාත් සභාවක අමාත්‍යවරු හතර දෙනෙකු පමණක් සිටිය යුතු නමුත් මේ වන විට උතුරු පළාත් සභාවේ අමාත්‍යවරු පස් දෙනෙකු සිටියි.

පී.ඩැනීස්වරන් මහතාව යළි අමාත්‍ය ධුරයේ පිහිටුවන ලෙස අභියචනාධිකරණය නියෝග කොට ඇතත්  ප්‍රධාන අමාත්‍යවරයා එය ඉටු නොකිරීම නිසා ඊට එරෙහිව තවත් පෙත්සමක් අභියාචනාධිකරණයේ ගොනු කොට තිබේ.

ඩැනීස්වරන් අමාත්‍යවරයා ප්‍රධාන අමාත්‍යවරයා  විසින් ලිපියක් මගින් ඉවත් කොට ඒ වෙනුවට පත් කරන ලද අමාත්‍යවරයා ඉවත් නොකිරීම නිසා උතුරු පළාත් සභාවේ අමාත්‍යවරුන්ගේ සංයුතිය සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතී.

මේ තත්ත්වය විසදීමට පියවර නොගැනීම නිසා පළාත් සභා සැසිවාරය ආරම්භ වූ මොහොතේ සිට එය තුළ නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

නමුත් පළාත් සභාවේ කටයුතු නිසි පරිදි පවත්වන බව උතුරු පළාත් සභවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා නිවේදනය කොට තිබේ.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)