August 14, 2018

ඒකාබද්ධය නැත්තම් එ.ජා.පෙ නෑ

ඒකාබද්ධය නැත්තම් එ.ජා.පෙ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"විශ්වාසභංග යෝජනාවක් ඇමතිතුමා ජයග්‍රහණය කළේ සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනියම් ආකාරය අල්ලස් පොරොන්දු වෙලා. අනියම් අල්ලස් දීම සඳහා අධීක්ෂණ මන්ත්‍රීගේ නමක් දාලා ගම පෙරලන්න මේ ගොල්ලෝ යන්න ඕන පෙරළිකාරයෝ හැටියට. ඒගොල්ලෝ ඒකට ගානක් ගෙවන්න ඕනේ  ලක්ෂ 7කට ආසන්න මුදලක් වරප්‍රසාද එකක් දෙන්න කැබිනට පත්‍රිකාවක් ආවා. ජනාධිපතිතුමා ඒක නැවැත්තුවා. නවත්තුවාම කැබිනට් ප්‍රකාශක තුමා ඇවිල්ලා කියනවා, සභානායකතුමා කියනවා නෑ නෑ නැවැත්තුවේ නැහැ. අපි ආයේ ඒක ගේනවා. ජනාධිපතිතුමා සත් භාවයෙන් නවත්තන බොහෝ දේවල් නැවත පිටිපස්සේ දොරෙන් ගෙන ඒමේ වෑයමක් තියෙනවා."

"ඒකාබද්ධ විපක්ෂය සැප්තැම්බර් 5 වනදා පවත්වන ඒ මහා විරෝධතාවයට සංවිධානාත්මකව සහභාගී වෙනවා. වැරදි විදිහට අර්ථ නිරූපණය වෙලා තිබෙනවා මේ විපක්ෂ නායක තනතුර පිළිබඳ අරගලය. එතන නොයෙක් තර්ක දානවා. ඒකාබද්ධ විපක්ෂය කියලා පක්ෂයක් නැහැ, අපිට කියන්න පුළුවන් එක්සත් ජාතික පෙරමුණ කියල පක්ෂයකුත් නැහැ.  වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් ඒ සංවත්සරය දවසෙදි වත් අපි ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීන්දුව අරගෙන විශ්වාස කරනවා රෝහණ ලක්ෂ්මන් පියදාස පක්ෂය අලුත් මහලේකම්තුමාට මෑත යුගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරුන්ට හැදෙන රෝගය වැලඳෙන්න එපා කියලා. ඩබ්ලිව්. සේනානායක ලේකම් තුමාගෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ඔක්කොම ලේකම්වරුන්ට පක්ෂයෙන් වෙන පක්ෂෙකට විතැන් වීමේ රෝගය වැළඳුනා."යැයිද ඒ මහතා පැවසිය.

Rate this item
(0 votes)