February 24, 2019

ලගදීම යළිත් ඉන්ධන මිල වැඩි වෙයි

ඇමෙරිකාව ඉරාන රාජ්‍යයට එරෙහිව යොදවන සම්බාධක හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළදී තෙල් මිල වැඩිවිය හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඒ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

“ගිය වසරට වඩා මෙම වසර අවසානයේ අපේ රටට විදේශ විනිමය ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඇමෙරිකාව ඉරානයට එරෙහිව යොදවන සම්බාධක නිසා ඊළඟ මාස කිහිපයේදී තෙල් මිල වෙනස් වීමට ඉඩ තිබෙනවා. එසේ තෙල් මිල වැඩි වුණොත් අපට ඊට මුහුණ දීමට සිදුවෙනවා.

ඇමෙරිකාව සහ චීනය අතර ඇති බදු අර්බුදයන් අපට බලපානවා.හෙට අනිද්දා ඇතිවන තත්ත්වය ගැන කියන්න බැහැ.අපි තෙල් මිලදී ගන්නේ ඉරානයෙන්.මේ තෙල් මිල වැඩිවීම කෙටිකාලීනව තිබුනොත් හොඳයි. අපටත් යම් සීමාවක් තිබෙනවා.‘‘ යැයි අගමැතිවරයා පැවසී ය.

Rate this item
(0 votes)