April 25, 2024

රජයේ මුද්‍රණාලයේ ගින්නක්

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ පළමු මහලේ කාමරයක අද(26) පස්වරුවේ ගින්නක් හටගෙන ඇති අතර එය සුළු කාලයකදී පාලනය කර ඇති බව වාර්තා වෙයි.

 

එම ගොඩනැගිල්ල තුළ ගින්න පැතිරීයාමට පෙර නිවා දැමීමට ගිනි නිවීමේ ඒකකය කටයුතු කර තිබේ.

එම ගින්නෙන් දේපල හානි කිසිවක් සිදුවී නොමැති බවත් ගින්න හට ගැනීමට හේතුව අනාවරණ වී නොමැති බවත්  කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් කරයි.

 

පොලීසිය පවසන්නේ මෙම ගින්න ඇති වීමට හේතුව කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පරීක්ෂණ අරඹා ඇති බවයි.

Rate this item
(0 votes)