September 19, 2018

වව්නියාවේ තිබී අත් බෝම්බයක් හමුවෙයි

වවුනියාවේ ඊරට්ටපෙරියකුලම  පොලිස් වසමේ අලගල්ල ප්‍රදේශයේ ඉඩමක තිබී 11 දා සවස අත් බෝම්බයක් හමුවී තිබේ.

මෙම ගම්මානය සිංහල වැසියන් ජීවත් වන ගම්මානයක් වන අතර  යුද සමයේදී ආරක්ෂක අංශ විසින් ප්‍රයෝජනයට ගෙනෙන ලද අත් බෝම්බයක් මෙම ඉඩමේ වැටී තිබෙන්නට ඇතැයි ඉඩමේ අයිතිකරු විශ්වාස කරයි

ඉඩමේ අයිතිකරු සිය ඉඩම එළි පෙහෙළි  කළ අවස්ථාවේදී මෙම අත්බෝම්බය  හමු වී තිබේ.

මේ පිළිබදව වවුනියාව ඊරට්ටපෙරියකුලම පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලීසිය පැමිණ එම අත් බෝම්බය පොලීසිය බාරයට ගෙන තිබේ.

එම බෝම්බය පරීක්ෂණ කටයුතු වලින් පසුව නිශ්ක්‍රීය කිරීමට  පොලීසිය තීරණය කොට තිබේ.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)