September 19, 2018

කරාපිටියේ පිළිකා විකරණ යන්ත්‍රය වසර 2ක් තිස්සේ සවි කර නෑ - මිලියන 200ක් වතුරේ

 පිලිකා රෝගින්ට විකිරණ ප්‍රථිකාර කිරිම සදහා  මිට වසර දෙකකට පමණ ඉහතදි  කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයට ලැබි ඇති  රේඛිය පෙරණ විකිරන  යන්ත්‍රය තවමත් සවි කිරිමට නොහැකි වි තිබේ.

රේඛිය පෙරණ විකිරන  යන්ත්‍රය  සදහා වායු සමිකරණ යන්ත්‍ර සවිකිරිමට  අවශ්‍ය කාමර දෙක තවමත්   ඉදි නොකිරිම නිසා මෙම තත්වය උදාවි ඇති බව පැවසේ.. මෙකි යන්ත්‍රය  සවි කිරිම සදහා  විකිරණ පිටතට නොඑන අයුරින්  පොළව යට  මිටරයක් පමණ ගැඹුරට කොන්ක්‍රිට් යොදා කාමර දෙකක් ඉදිකොට තිබේ. ( බංකර) එහි එක් බිත්තියක පළල කොන්ක්‍රිට් මිටරයකි. මෙහි ඉදිකිරිම් අවසන්කොට දැනට මාස හයක් පමණ ගතවි ඇත. කෙසේවුවද මෙකි යන්ත්‍රය සවි කිරිම සදහා  වායු සමිකරණ යන්ත්‍ර  කොටස් ස්ථාපිත කිරිම සදහා කාමර දෙකක් ඉදි කළ යුතුවේ. මේ පිළිබද මධ්‍යම ඉංජිනේරු කාර්යංශයට ( සි.සි.බි) දැනුම් දි දැනට මාස හයක පමණ කාලයක් ගතවි ඇතත් එම කාමර දෙක ඉදිකොට නැත.

මධ්‍යම ඉංජිනේරු කාර්යංශය තුල පවතින කඹ ඇදිමක් නිසා මෙහි ඉදිකිරිම් කටයුතු ප්‍රමාද වන බවද පැවසේ.

රේඛිය පෙරණ විකිරණ යන්ත්‍රය මිට වසර දෙකකට පමණ ඉහතදි කරාපිටිය ශික්ෂණ රෝහලට ලැබි ඇති  යන්ත්‍රයකි. ඒ සදහා රුපියල් මිලියන 200කට අධික මුදලක් වැය වි තිබේ.  මේ ගැන පසුගියදා පැවති රෝහල් කමිටු රැස්විමේදිත් සාකච්ඡා වි තිබේ. රේඛිය පෙරණ විකිරන  යන්ත්‍රය  පිලිකා රෝගින්ට විකිරණ ප්‍රථිකාර කළ හැකි යන්ත්‍රයකි. මෙය නවින ප්‍රථිකාර ක්‍රමයක් වන අතර  පිළිකා රෝගින්ට මෙම යන්ත්‍රය මගින් විකිරණ ප්‍රථිකාර කිරිම තුලින් සිදුවන්නේ අවම හානියකි.

දකුණු පළාතේ විකිරණ ප්‍රථිකාර කරගැනිම සදහා විශාල පිරිසක් කරාපිටිය  ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයට පැමිණෙති. දැනට විකිරණ ප්‍රථිකාර  කොබොල්ට් යන්ත්‍රය මගින් සිදුකරණ අතර ඒ තුලින්  සිරුරේ පිලිකා කොටස් පිළිස්සේමේදි  වන හානිය වැඩි බවද  සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

 මෙකි යන්ත්‍රය සවි කිරිම ප්‍රමාද විම ගැන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන්  අප කළ විමසුමකදි මෙසේ කිවේය.

“මෙම රේඛිය පෙරණ විකිරන  යන්ත්‍රය  සවි කිරිම සදහා වායු සමිකරණ සවි කළ යුතු වෙනවා. වායු සමිකරණ යන්ත්‍ර පවා ගෙනවිත් තියෙන්නේ. වායු සමිකරණ යන්ත්‍ර සවි කිරිමට සි.සි.බි ආයතනය  මගින් කාමරය දෙකක් ඉදිකරලා දෙන්න ඕන.  නමුත් මාස 06ක් වෙනවා  තවමත් එම කාමර දෙක ඉදි කරදිලා නැහැ.  අනික් කාරණය තමයි මෙකි විකිරණ යන්ත්‍රය සවි කළාට පසු  පිටතට විකිරණ පිට නොවන අයුරින් දොරක් හදන්න ඕන  . ලෙඩ්කියන ද්‍රව්‍ය යෙන්  තමයි දොර හදන්න ඕන. ඒ සදහා ටෙන්ඩර් කැදවලා තියෙන්නේ. නමුත්  වායු සමිකරණ යන්ත්‍ර  සවි කිරිමට අවශ්‍ය කාමර දෙක ඉක්මනින් ඉදි කර දෙනවානම් අපට මේ යන්ත්‍රය සවි කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් යැයි ද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

(ගාල්ල ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)