April 25, 2024

ඡන්දෙ දාන්න යන්නෙ තනියම නෙවෙයි 

දෘෂ්‍යාබාධිත හෝ යම් ශාරීරික අපහසුතාවකට පත් පුද්ගලයෙකුට මැතිවරණයේ දී සිය ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයෙක් කැටුව යාම සඳහා මැතිවරණ නීතියට අනුව මැතිවරණ කොමසාරිස්වරවා අවසර ලබා දී තිබේ.

එලෙස කැඳවාගෙන යන පුද්ගලයා වයස අවුරුදු 18 සම්පූර්ණ විය යුතු අතර අදාල ඡන්ද විමසීම සඳහා තරග කරන අපේක්ෂකයෙක් නොවිය යුතු යැයි මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.

එමෙන් ම ඡන්ද විමසීමේ දී දේශපාලන පක්ෂයක බලයලත් දේශපාලන පක්ෂයක බලයලත් නියෝජිතයෙක් හෝ ඡන්ද පොල නියෝජිතයෙක් ලෙස කටයුතු නොකරන්නෙක් විය යුතු බවත් ඔහු යම් ආබාධයකට ලක් නොවූ පුද්ගලලයෙක් විය යුතු බවත් එම කාර්යාලය පෙන්වා දෙයි.

සහායකයෙක් අවශ්‍ය පුද්ගලයෙක් ඒ සඳහා හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතියක් ඡන්ද පොල නිලධාරීවරයාට භාර දිය යුතු අතර යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත් මැතිවරණ බල ප්‍රදේශවල ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගත හැකි ය.

අදාල ඉල්ලුම්පත් සම්පූර්ණ කර භාර දී ග්‍රාම නිලධාරීවරයාගෙන් සහතිකයක් ලබාගත යුතු අතර අනතුරු ව එම සහතිකය රජයේ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව එම ආකෘතියෙහි ඡන්ද දායකයාගේ යෝග්‍යතාව සහතික කරනු ලැබේ.

අදාල පුද්ගලයා ඡන්ද පොලේ දී තමන් තමන්ගේ හැඳනුම්පත සමග එම යෝග්‍යතා සහතිකය ද රැගෙන සහායකයා ද කැටුව ඡන්ද පොල වෙත පැමිණිය යුතු බව මැතිවරණ කාර්යාලය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 March 2014 16:56