April 25, 2024

හැට පැන්නත් නිල ඇඳුමින්

වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් පසුගිය 19 වැනිදා පොලිස් සේවයෙන් විශ‍්‍රාම ගත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දේශපාලන හයියෙන් කිසිදු සේවා දිගුවකින් තොරව නිලඇදුමින් පොලිස් මූලස්ථානයේ රැදෙමින් තවදුරටත් රාජකාරියේ නිරතව සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් විශ‍්‍රාමගත් තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුටත් සේවා දිගුවක් ඉල්ලා ලිපියක් ලැබී ඇතත් ඒ පුද්ගලයින්ට සේවා දිගුවක් ලබාදීමේ ලිපියක් නිකුත්කර නොමැති බව රාජ්‍ය සේවා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසී ය.

සේවා දිගුවක් තවත් ලැබී නොමැති එම නිළධාරියා නිලඇදුමින් පොලිස් සේවයේ තවදුරටත් රැදී සිටින්නේනම් එය නීති විරෝධි ක‍්‍රියාවක් බවද එම නිළධාරියා අවධාරණය කළේ ය.  

පොලිසියේ වාහන කිහිපයක්ද පරිහරණය කරමින් එම නිළධාරියා පොලිස් නිළධාරීන්ට නියෝග පවා ලබාදෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය.

Rate this item
(1 Vote)