April 24, 2024

සීනුව ගාලු මුහුදු පුරාවිද්‍යා ඒකකයට 

ටයිටැනික් නැවේ නිෂ්පාදනාගාරයේ ම සෑදූ රිබී ලයිම් සමාගමට අයිති නැවක් 1917 දී ගල්කිස්ස මුහුදු වෙරළ ආසන්නයේ ගිලී ගොස් තිබියදී පසුගිය දා සොයාගෙන ඇතැයි ගාල්ල මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි.

බ්‍රිතාන්‍යයට අයත් වොස්ටර්ෂයර් නමැති මේ නෞකාව පළමු ලෝක යුද්ධයේ දී ජර්මන් නැවකින් ඇටවූ මුහුදු බෝම්බයකට හසුව විනාශ වූවකි. 

ගිලී ගිය නැවට අයත් සීනුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ රැහුණු කවයේ ගාලු මුහුදු පුරාවිද්‍යා ඒකකයට භාර දී ඇත. 

ගල්කිස්සට කිලෝ මීටර 15ක් බටහිර මුහුදෙන් මේ සීනුව සොයාගෙන ඇත්තේ මුහුදු ගවේෂකයකු හා කිමිදුම් කරුවකු වන දර්ශන ජයවර්ධන මහතා විසිනි. 

එකළ නැවක සංඥා ලබාදීම සිදුකරන ලද්දේ නැවේ සීනුව භාවිතයෙන් බැවින් සීනුව නැවේ වැදගත් ම අංගයකි.

නැව 1917 පෙබරවාරි මස 16 සවස බෝම්බයෙන් හානියට පත්ව පසුව දා ගිලී ගොස් ඇතැයි මුහුදු පුරාවිද්‍යා ඒකකය පවසයි. 

ස්ථානය නිවැරදිව හඳුනාගෙන ඇතත් මෙතෙක් එම ස්ථානයේ ගවේෂණ සිදුකැර නැත.

 

Rate this item
(0 votes)