June 18, 2018

තැපැල් වර්ජනය තවදුරටත් - දිනකට පාඩුව කෝටි 15ක් (PHOTOS)

තැපැල් සේවක වර්ජනය අද 3 වන දිනටත් ක්‍රියාත්මක වේ.

මුද්දර අලෙවිය, කුරියර් සේවා, මුදල්  ඇනවුම්, ජාත්‍යන්තර තැපෑල ආදී මාර්ගවලින් තැපැල් දෙපාර්තමේන්තුවට මෙතෙක් දෛනිකව ලැබුණු රුපියල් කෝටි 15කට වැඩි ආදායම තැපැල් සේවක වැඩවර්ජනය හේතුවෙන් අහිමිවී තිබෙන බව තැපැල්පති රෝහණ අභයරත්න මහතා අද (14) පැවසීය.

වැඩවර්ජනය ආරම්භ කළ පළමු  දින දෙකේදී රුපියල් මිලියන 18ක් වශයෙන් ආදායම ලැබී තිබුණද ඊයේ (13ද) සහ අද දිනයේදී කිසිදු මුදලක් එකතුවී නැති බවද තැපැල්පතිවරයා මෙහිදී සඳහන් කළේය.

විදේශවලින් තැපෑලට එවා තිබුණු ලිපි හා පාර්සල් අඩංගු ලොරි දහයක් කටුනායක ගුවන්තොටුපලේ රඳවා තිබෙන බවද තැපැල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අභයරත්න මහතා පැවසීය.

තැපැලේ ලිපි හා පාර්සල් ලක්ෂ 15ක් ගොඩගසා ඇතැයි පළවන වාර්තා අසත්‍ය බවත්, වැඩවර්ජනය ආරම්භ කළ අවස්ථවේ සිට ලිපි හෝ පාර්සල් තැපැල් දෙපාර්තමේන්තුව වෙත ලැබී නොමැති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

එහෙත් තැපැල් අමාත්‍යාංශය වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ වර්ජනය නවතා යළි සේවයට වාර්තා කරන ලෙසයි.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා තැපැල් සේවකයින් පසුගිය 11වනදා තෙක් වර්ජනයේ නිරත වේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ තැපැල් සේවකයින් 26000ක් පමණ මෙම වර්ජනයට එක් ව සිටින බවයි. 

වර්ජනය ක්‍රියාත්මක වීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක තැපැල් කාර්යාල ඊයේ පාලු ස්භාවයක් ගෙන තිබිණි.

මේ අතර වර්ජනය නවතා යළි සේවයට වාර්තා කරන්න ලෙස තැපැල් අමාත්‍යංශය සේවකයින්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 June 2018 15:40