August 18, 2018

"කතරගම සිද්ධියේ සැකකරුවන් හදුනාගෙන ඉවරයි - පරීක්ෂණ අවසන්වන තුරු හෙළි කරන්න බැහැ" - පොලිස්පති

කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර අදහස් පළ කළේය.

ඒ මත්තේගොඩ ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවැති උත්සවයකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ඊයේ රාත්‍රියේ පෞද්ගලික කෝන්තරයක් උඩ කිරි වෙහෙරේ රජමහා විහාරයේ හාමුදුරුවන්ට වෙඩි තිබ්බා. හොයාගෙන ඉවරයි. පැය කිහිපයක් ඇතුළත අදාළ දේවල් හොයාගෙන වැඩ කටයුතු කරලා ඉවරයි. විස්තර කියන්න බැහැ දැන්. ඇයි පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. දැන් පාතාලයක් බොරුවට කරලා වැඩක් නැහැ. සමහර අය ඒවා ක්‍රියාත්මක කරවනවා.”

 

Rate this item
(1 Vote)