June 18, 2018

"මාත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ" - ඊළඟ ජනාධිපති අපේක්ෂක ගැන ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදැකීය.

ඒ උන්වහන්සේ වැඩ සිටින කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මාශ්‍රමයේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා සහ පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අතර මෙම සාකච්ඡාව පැවැත්වුණේ ඊයේ පස්වරුවේයි.

එහිදී උන්වහන්සේ මෙසේ අදහස් දැක්විය.

“එකතු කරන්න උත්සාහ ගත යුතුයි කැඩීබිදී ගිය කොටස්. මම දන්නවා තියෙන ප්‍රශ්නය මේක හැබැයි අපි එක හඬක් නැගිය යුතුයි. ඒකෙදි අපිට මහා කර්තව්‍යයක් කරන්න පුළුවන්. හැබැයි මේ රට මෙහෙම තුප්පහියන්ගෙන් බේරගන්න ඕන. අපිට ඒ තුප්පහියෝ එක්ක ඉන්න බැහැ. මගේ ඉල්ලීම් 5ක් තිබෙනවා. දළදා වහන්සේ ලඟදී අත්සන් කරලා, ඒ ඉල්ලීම් 5 ලබා දෙනවයි කියන විශ්වාසවන්ත කෙනෙකුට තමයි මගේ සහය ලැබෙන්නේ. ඒක ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. මොකද දැන්ම ඒකට උත්තර හදයි කියන බයක් තියෙනවා. මාව මුණගැහෙනවා යම් යම් කොටස්. කිසිසේත්ම මගේ ඉල්ලීම් 5න් තොරව මම යන්නේ නැහැ. අනේ මම කවුද කියලා මේ රටේ මිනිස්සු දන්නවා. මාත් එක්ක සෙල්ලම් කරන්න දෙන්නේ නැහැ මන්.”

Rate this item
(1 Vote)