October 22, 2018

පළාත් සභා මැතිවරණය ගැන රාජිතගෙන් ඉඟියක්

පළාත් සභා මැතිවරණය මෙම වසරේ දෙසැම්බර් මාසය වන විට පවත්වන බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඊයේ (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර, පාර්ලිමේන්තු අනුමැතිය හිමිවූ විශේෂ මහාධිකරණ ජූලි 4 වැනිදා ආරම්භ කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්  අමාත්‍යවරුන්, පොලිස්පතිවරයා ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මාසිකව පැවැත්වෙන රැස්වීමේදී රටේ අපරාධ මැඩපැවැත්වීම සඳහා තීරණ ගනු ලබන බව සමකැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

කුමන තරාතිරමක අයෙකු වෙනුවෙන් වුවද මේ වන විට නීතිය ක්‍රියාත්මක කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ජූලි 4 වන විට පළමු අධිකරණය ආරම්භ කරනවා. සැප්තැම්බර් වන විට අධිකරණ 3ම ස්ථාපිත කර අවසන් කරනවා. ගෝඨාභය ඇමරිකානු පුරවැසියෙක්. එයා ඇමරිකානු නීතියට තමයි යටත් වෙන්නේ. මැතිවරණයේදී නොයෙකුත් අය ඇවිල්ලා අපිට මුදල් දෙනවනේ. නමුත් ඔවුන්ගේ වැරදි ක්‍රියාකලාපයන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙනවා නම් අන්න ඒක වැරදියි. ඒගොල්ලන්ව පත් කිරීමේදී මුලින්ම විරුද්ධ වුණ එක්කෙනා මම කැබිනට් මණ්ඩලයේ. ඉතින් මට ගෙනල්ලා දෙයි ඈ ඒ මිනිස්සු සල්ලි උන්ට ඔලුවේ අමාරුවක් නැත්තම්?”

“ඉස්සෙල්ලා පත් කරලා තිබුණනේ මුස්ලිම් කටයුතු සඳහා සිංහල මන්ත්‍රීවරයෙක්. ඒ වගේ තමයි මේක. ඉතින් පත් කරන පුද්ගලයාගේ මානසිකත්වය විතරයි වැදගත් වෙන්නේ. විග්නේශ්වරන් එනවා කිව්වම මම බොහොම කැමති වුණා.  මොකද ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්යකාරවරයෙක් මේ වගේ වෘත්තීයවේදියෙක්ව මෙහෙම පත් කිරීමට අපිට බැරි වුණ දෙයක් දෙමළ පක්ෂය කරයි කියලා. අද දෙමළ පක්ෂයත් කලකිරිලා තියෙන්නේ. ඔහුත් අද පේමන්ට් දේශපාලනයට ගිහිල්ලා තියෙන්නේ. සිවාජිලිංගමුත් එහෙමනේ. ගිය සැරේ ජන්දේ ඉල්ලුවනේ. පරාදයිනේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)