August 15, 2018

කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ සිද්ධියට පුද්ගලයෙකු කොටු - කපුවාගේ ජීප් රථයත් අත්අඩංගුවට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද හිමිපාණන් හා තවත් ස්වාමීන් වහන්සේ නමකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවට වාර්තාවේ.

මෙම පුද්ගලයා මහසෙන් දේවාලයේ කලක් සේවය කළ පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකෙරේ.

වෙඩි තැබූ බවට සඳහන් කෙරෙන ස්ථානයේ තිබී ජීව උණ්ඩ 02ක් හා හිස් පතරොම් කොපු 02ක්ද පොලීසිය සොයාගෙන ඇත.

මීට අමතරව කිරිවෙහෙර අවට ස්ථාපිත කර තිබෙන ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමටත් පොලීසිය කටයුතු කර තිබේ.

මේ අතර කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන කපුවෙකු ලෙස කටයුතු කරන පුද්ගලයාගේ සුඛෝපබෝගී මෝටර් රථය අද (13) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව විහාරාධිපති හිමියන්ට වෙඩි තැබීම සඳහා සැකකරු මෙම මෝටර් රථයෙන් පැමිණ ඇති බවට අනාවරණය වී ඇත.

කතරගම - සෙල්ලකතරගම මාර්ගයේ පිහිටි සැකකරුගේ නිවසෙහි නවතා තිබියදී පොලිසිය විසින් මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

ඡායාරූප - ලංකාදීප

Rate this item
(0 votes)