June 18, 2018

මදූෂ්ගේ ගෝලයන් 3ක් අත්අඩංගුවට

මාකඳුරේ මදූෂ් නැමැති පාතාල කල්ලි සමාජිකයාගේ ප්‍රභලතම ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

සැකකරුවන් කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

මදූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම හා කප්පම් ගැනීම් මෙම ගෝලයන් විසින් සිදුකර ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රුපියල් ලක්ෂයක මුදලක් ඔවුන් සන්තකයේ තිබී ඇති අතර ඔවුන් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිත බවද පොලීසිය පවසයි.

Capture

Rate this item
(0 votes)