December 18, 2018

මාධ්‍යවේදී මහේෂ් නිශ්ෂංක රක්ෂිත බන්ධනාගාරයට

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී මහේෂ් නිශ්ෂංක සහ ඔහුගේ වැඩිමහල් පුත්‍රයා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (13) නියෝග කර තිබේ.

ඔහු ඊයේ (12) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරිණි.

වත්තල - එඬේරමුල්ල ප්‍රදේශයේදී සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය 9 වනදා රාත්‍රි 7.30 ට පමණය. 

පහර කෑමට ලක්ව ඇත්තේ කායවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන 33 හැවිරිදි වසන්ත ලියනගේ නැමැත්තෙකි. 

සාදයකට සහභාගිවීම සඳහා යමින් සිටි අතරතුරදී ඔහු භාණ්ඩ මිලදී ගැනීම සඳහා එඬේරමුල්ල ප්‍රදේශයේ පිහිටි අදාළ සුපිරි වෙළඳසැලට ගොස් තිබේ. 

එහිදී ඔහුට මාධ්‍යවේදී මහේෂ් නිස්සංක, දරු දෙදෙනා සහ ඔහුගේ බිරිඳ හමුවී ඇති අතර, පහරකෑමට ලක්වූ පුද්ගලයා සහ මාධ්‍යවේදී මහේෂ් නිස්සංක අතර බහින්බස්වීමක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. 

අනතුරුව රථ ගාල තුළදී එය ගැටුමක් දක්වා පරිවර්තනය වී ඇති අතර, එම අවස්ථාවේදී තියුණු ආයුධයකින් අදාළ පහරදීම සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

පහරකෑමට ලක්වූ පුද්ගලයා සහ මාධ්‍යවේදී මහේෂ් නිස්සංක අතර කළක පටන් පවතින පෞද්ගලික ආරවුලක් ගැටුමට හේතු වී තිබේ. 

පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

Rate this item
(0 votes)