August 15, 2018

වෛරස් වසංගතයෙන් දකුණ තවමත් අවධානමේ - ළමා මරණ 18 දක්වා ඉහළට

වෛරස් උණ රෝගය වැළදිමෙන් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි තවත් කුඩා දරුවෙකු මියගොස් ඇති බැව්  රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි. මේසේ මියගොස් ඇත්තේ අවුරුද්දක් හා මාස දෙකක් දින විසිදෙකක් වියැති දරුවෙකි.

මෙම දරුවා උස්වැව තංගල්ල ප්‍ර දේශයේ පදිංචිකරුවෙකු වන අතර ළමා දැඩි සත්කාරක ඒකකයේ මාසයකට අධික කාලයක් ප්‍රථිකාර ලබමින් සිටියදි මෙම දරුවා අද (13) අළුයම  මියගොස් ඇත.මේ වන විට දකුණු පළාතේ වෛරස් උණ රෝගයෙන් මියගිය දරුවන් සංඛ්‍යාව 18දක්වා වැඩිවි තිබේ.

මේ පිළිබද කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් අප කළ විමසුමකදි ඔහු සදහන් කළේ නිව්මෝනියා රෝගයට ගොදුරුවිමෙන් තවත් දරුවකු මියගොස් ඇති බවය.

මියගිය දරුවා ඉන්ෆලුවෙන්සා  ඒ වෛරස් උණ රෝගයෙන් මියගොස් ඇති බවට තවමත් තහවුරු නැති බවද  රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය. කෙසේවුවද මේ වනවිට ඉන්ෆුලුවෙන්සා වෛරස් උණ රෝගය පාලනය වෙමින් පවතින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

(ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)