June 18, 2018

කිරිවෙහෙර නාහිමියන්ට හදිසි සැත්කමක් (VIDEO)

වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම - කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට අද අලුයම සිදුකළ සැත්කමෙන් පසු හම්බන්තොට මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ධනුෂ්ක පෙරේරා කියා සිටියේ නාහිමියන්ගේ උදරයට සහ දකුණු අතට වෙඩි වැදී ඇති බවයි.

නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්, කිරිවෙහෙර උඩ මළුවේ සිට පහත මළුවට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඊයේ රාත්‍රියේදීය.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු කියා සිටියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවයි.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)