December 12, 2018

"ගෝඨා එනවට සතුටුයි - හරි ලේසියි" - හරීන්

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන තමන් සතුටු වන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ ඊයේ (12) සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“හැමෝම හිතන්නේ මේ ආණ්ඩුව හරිම නොන්ජල් ආණ්ඩුවක්, කොන්ද පණ නැති ආණ්ඩුවක් කියලා. ජනාධිපතිට ගහනවා ෆේස්බුක් එකේ. ඇමතිවරුන්ට ගහනවා. මාධ්‍යට ඕනේ දේකට කියන්න පුළුවන් වෙලා තියෙනවා. ටී.වී වලට ඕනේ විදියට පෙන්නන්න පුළුවන් ඒගොල්ලොන්ට ඕනේ විදියට නිව්ස් හදන්න පුළුවන්. එතකොට බලන මිනිස්සු හිතනවා චිකේ මේක නොන්ඩි ආණ්ඩුවක්. ඒක තමයි පරිණත ප්‍රජාතන්ත්‍රවාදය. ඒක කියන ගමන්ම කියනවා දැන් ලංකාවේ ඉන්න කට්ටියට ලොකුම හොරු වෙලා තියෙන්නේ ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත උන් තමයි ලංකාවේ හොරු වෙලා තියෙන්නේ. හැබැයි රටේ මිනිස්සුන්ගෙන් සල්ලි හොරකම් කරපු උන් හොඳ වෙලා තියෙනවා. ඒක තමයි නියම ජෝක් එක. දැන් හිතනවද දන්නේ නැහැ මම මේක කියන්නේ මට බයට කියලා. දන්න තරමින් නම් නම නැහැ.”

“සමහර මාධ්‍ය ආයතවල ලොකු කට්ටිය ඉන්නවා ලස්සනට නිව්ස් හදලා, මවලා ඒක අමතක කරලා ඇලෝසියස් මාතෘකාව විතරක් හදලා තියෙනවා. මේක රටේ ඉන්න අහිංසක මිනිස්සු රවට්ටලා කරන ගේම් එකක්. ප්‍රධාන හොරු ටික හංගලා, නිකන් මේ හාල්මැස්සෝ නිකන් මේ ජන්දයකට සල්ලි ඇලෝසියස්ගෙන් හමබ් වෙච්ච කිහිපදෙනක් පෙන්නලා මෙන්න මේක තමයි රටේ මාතෘකාව බවට පත් කරලා තියෙන්නේ. හොඳ නිදසුනක් අපේ අර හමුදා කර්නල්වරයාට දුන්න ගරුත්වය කිලිනොච්චියේදී. එල්.ටී.ටී.ඊ එකේ පුනුරුත්තාපනය වෙච්ච කට්ටිය තමයි ඒ කර්නල්තුමාට ඒ ගරුත්වය දුන්නේ. එතකොට මේ රටේ සංහිදියාව මේ රටේ ක්‍රියාත්මක වෙලා නැද්ද? මේ රටේ අපි නොහිතිච්ච පැත්තක් හැදීගෙන එනවා. හැබැයි අපිට ඒවා මිලිටරිකරණයට ආයෙත් රට තල්ලු කරන්න ඕනේ නම් ඒක කිරීමේ හැකියාවත් තියෙනවා. ගෝඨාභය මහත්තයාගේ දැනට තනිකරම වැඩසටහන් කරන්නේ මිලිටරිකරණයට. ඒ රටකට ආයෙත් ඒ ක්‍රමයට යන්න ඕනේ නම් ප්‍රජාතන්ත්‍රවාදය වලදාන්න ඕනේ නම් පාර කපාගෙන යන්න පුළුවන්, කැමති කට්ටිය ඔක්කොටම යන්න පුළුවන්. අපි නම් හරි සතුටුයි එතුමා එනවට. අපිට හරි ලේසියි. තාම ගොඩක් දේවල් කියන්න තියෙනවා. ඒවා පස්සේ කියන්නම්.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)