June 18, 2018

බැඳුම්කරේ ගැන මෛත්‍රී දුන් කඩවුණු පොරොන්දු ගැන ජවිපෙ යළි මතක් කරයි

මහ බැංකු බැඳුම්කර වංචාවෙන් අහිමි වූ මුදල් පියවා ගැනීම සඳහා සකස් කරන බවට සදහන් කළ විශේෂ පනත් තුන කඩිනමින් ඉදිරිපත් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අවධාරණය කරයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් බැඳුම්කර පිළිබඳ කොමිෂන් වාර්තාව එළියට දැමූ මොහොතේ රජයට අලාභ වූ මුදල් ආපසු අය කරගැනීමට විශේෂ පනත් 3ක් ඉදිරිපත් කරන බවට ජාතිය ඉදිරියේ ප්‍රතිඥා දුන් බව ජවිපෙ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා පැවසී ය.

අද වන තුරුත් එවැනි පනත් 3ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී නොමැති බවත් එය වහාම ඉදිරිපත් කළ යුතු බවත් මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් එදිනම බැඳුම්කර වාර්තාව පිළිබඳ මසකට වරක් ප්‍රගති සමාලෝචනයක් කළයුතු බවට කළ පොරොන්දුවද අද වන තෙක් ක්‍රියාත්මක වී නැතැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)