June 18, 2018

කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තබා පලා ගොස් ඇත්තේ රතු පැහැති මෝටර් රථයකින්

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් හට වෙඩි තැබීමට අවිගත් නාදුනන තුවක්කුකරුවන් තිදෙනා පැමිණ ඇත්තේ රතු පැහැති මෝටර් රථයකින් බවට මේවන විට හෙළිවී ඇතැයි වාර්තා වේ.

නාදුනන තිදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇතැයි දැනට කරන ලද පොලිස් පරීක්ෂණවලදී හෙලි වී තිබේ.

මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේ වෙතත් විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය පිළිබඳව ඊයේ රාත්‍රීයේදීම පරීක්ෂණ ආරම්භ කළේය.

කිරිවෙහෙර විහාරස්ථානය අසලදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉන් කිරිවෙහර විහාරාධිපති ස්වාමින් වහන්සේ සහ තවත් එක් හිමිනමක් තුවාල ලබා දෙබරවැව මුලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට රෝහලට මාරුකර යවා ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 June 2018 00:59