October 17, 2018

සාහසිකයින් තිදෙනෙකු කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි තබයි

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට අවිගත් නාදුනන තුවක්කුකරුවන් තිදෙනෙකු විසින් අද (12) රාත්‍රී කරන ලද වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි කතරගම පොලිසීය පවසයි.

නාහිමියන් සමඟ සිටි සෝභිත නැමැති හිමිනමක්ද සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

කිරිවෙහෙර විහාරාධිපති හිමියන් සෝභිත හිමියන් සමඟ කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී මෙම වෙඩි ප්‍රහාරයට ලක් වී ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 June 2018 13:06