August 18, 2018

"නඩු දැම්මොත් බඩු තියෙනවා" - මෛත්‍රීගෙන් රතු එළියක්

ජනතා විමුක්ති පෙරමුණ අලි බ්‍රිගේඩ් එකක් වී ඇති බවත් නඩු දැම්මොත් බඩු ඇති බවත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ ඊයේ පැවති ජන හමුකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මම ජනතා විමුක්ති පෙරමුණට කියන්න කැමතියි නඩු කියලා නම් ගුණරත්නලාව නවත්තන්න බැහැ. එක නඩුවක් නෙවෙයි නඩු 100ක් දැම්මත් නඩුවලට මුහුණ දෙන්න අපි ලෑස්තියි. ජනතා විමුක්ති පෙරමුණෙන් අපි අහන්නේ මේ මහේෂ් සේනානායක කියන එක්කෙනා දන්නවද නැද්ද කියන්න? ඒකට ඔව්ද? නැද්ද? දැන් කබීර් හෂීම් ඔය වගේම තර්ජන කළා. අපි ඇරියා කබීර් හෂීම්ට ලියුමක් පුළුවන් නම් දිවුරුම් ප්‍රකාශයක් දෙන්න. අද වෙනකන් කබීර් හෂීම්ගෙන් උත්තරයක් නැහැ. එතකොට ජනතා විමුක්ති පෙරමුණෙන් අපි අහන්න කැමතියි මහේෂ් සේනානායකත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ වෙනසකට ඇරඹුම ආරම්භ කළේ නැද්ද? බැඳුම්කරයෙන් සල්ලි ගත්තද නැද්ද? මේ රටේ ජනතාවට ඒක දැනගන්න අයිතියක් තියෙනවා. අද ජනතා විමුක්ති පෙරමුණ එදා තිබුණු ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි. අද මේක රතු අලි බ්‍රිගේඩ් එකක් වෙලා තියෙන්නේ. ඒ අලි බ්‍රිගේඩ් එක වැඩ කරන්නේ කාගේ වුවමනාවටද කියන එක අපි දන්නවා. නඩු දැම්මොතින් මෙන්න බඩු තියෙනවා. ඒ නිසා නඩු දාන්න.”

Rate this item
(1 Vote)