June 18, 2018

"ගෝඨාට ජනපතිවරණයට ඉදිරිපත් වීමට ඇමරිකානු පුරවැසිභාවය බාධාවක් නෑ" - ගම්මන්පිල

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කිසිදු බාධාවක් නැතැයි පිවිතුරු හෙළ උරුමය පවසයි.

එහි නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“19 වන සංශෝධනයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට අපේක්‍ෂකයෙකු ලෙස තරඟ කිරීමට ද්විත්ව පුරවැසිකම නුසුදුස්සක් බවට පත්වී තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට කළ අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප වුණු බවට මේ දිනවල බරපතල කට කතාවක් ඇති වෙමින් තියෙනවා. ඩි.එස්.4079 සිට ඩි.එස්.4083 දක්වා වූ ලිපි ලේඛණ අධ්‍යනය කරලා අවශ්‍ය තොරතුරු ටික සපයා ගත්තට පස්සේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් එන්න කිව්ව වෙලාවට තානාපති කාර්යාලයට යනවා. එතැනදී අර දිවුරුම් ප්‍රකාශය අත්සන් කරලා සාක්ෂිකරුවන් දෙන්නා සාක්ෂියට අත්සන් කළාම, පුරවැසිකම අත්හැරීමේ සහතිකය එවෙලේම ඇමරිකානු තානාපති නිලධාරියා විසින් පුරවැසිකම අත්හළ පුද්ගලයාට ලබා දෙනවා."

"මෙතරම් සරලයි. දැන් ගෝඨාභය මහත්තයා අද නම් යන්නේ ඇමරිකානු තානාපති කාර්යාලය ඇතුළට තමුන්නාන්සේලා එළියේ ඉඳන් බලන් ඉන්නවා නම් එළියට ඇවිල්ලා එතුමාට මේ සහතිකය තමුන්නාන්සේලාට පෙන්නන්න පුළුවන් ඔන්න මම පුරවැසිකම අත්හැරියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට නුදුරු අනාගතයේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇමරිකානු පුරවැසිභාවය කිසිම බාධාවක් වන්නේ නැහැ කියන එක ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)