October 17, 2018

16 දෙනාගේ කණ්ඩායමේ අරමුණ ගැන ඩිලාන්ගෙන් හෙළිදරව්වක්

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම 16 දෙනාගේ කණ්ඩායමේ අභිප්‍රාය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ මහතා නම් කරන අපේක්ෂකයා තම කණ්ඩායමේ ද ජනාධිපති අපේක්ෂකයා බවයි.

16 දෙනාගේ කණ්ඩායම නිල වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමේ තීරණයක් නොමැති බව ඩිලාන් පෙරේරා මහතා වැඩිදුරත් ප්‍රකාශ කළේ.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“අපි කවුරුත් දන්නවා 2020 ජනපති අපේක්ෂකයා යූ.එන්.පීයට එරෙහිව ඉදිරිපත් කිරීමේ කාර්යභාරයේ සියයට 90ක්ම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ. අපි ඉන්නේ මහින්ද මහත්තයා අපේක්ෂකයා නම් කරනකන්. මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා තමයි අපෙත් අපේක්ෂකයා වෙන්නේ. අපි හිතන් ඉන්නවා මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා වටා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ඉන්න වටේ ඉන්න පක්ෂෙත් ගොණු කරන්න. කිහිපදෙනෙක් යූ.එන්.පී එකට යයි. 2020 ජනාධිපතිවරණය වෙනකන් ඉන්න ඕනෙද ඒ සඳහා. 16 දෙනාගේ කට්ටිය කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැටියට ඉන්න ගමන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න ඕනේ කියන කාරණය. ඒ කාරණය කරන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපති කාලයේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැමති කරවා ගැනීම තමයි 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය.”

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 June 2018 14:05