October 17, 2018

එජාපයේ මන්ත්‍රීවරු 6කට නියෝජ්‍ය අමාත්‍යධූර

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් හය දෙනෙකුට නියෝජ්‍ය අමාත්‍යධූර ලබා දීමට තීරණය කර තිබෙන අතර ඉන් පස් දෙනෙකු අද (12) ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දීමට නියමිතය.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස නලින් බණ්ඩාර මහතා දිවුරුම් දෙන අතර , ලකී ජයවර්ධන මහතා කඳුරට උරුමය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ,  අජිත් මාන්නප්පෙරුම මහතා මහනගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් , රංජිත් අලුවිහාරේ මහතා සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, එඩ්වඩ් ගුණසේකර මහතා අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිව්රුම් දීමට නියමිතය.

එමෙන්ම කලක් තිස්සේ කිසිදු අමාත්‍ය ධූරයක් නොලැබුණ බුද්ධික පතිරණ මහතාට මෙවර වෙළඳ වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත අතර ඒ මහතා විදේශගතව සිටින බැවින් එම  නියෝජ්‍ය අමාත්‍ය ධූරය පසුව දිව්රුම් දෙනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)