June 18, 2018

"කර්නල්ට උපහාර දැක්වීම එල්.ටී.ටී.ඊයට කරන ද්‍රෝහිකමක්" - සිවාජිලිංගම්

කිළිනොච්චිය ප්‍රදේශයේදී ඊයේ (10දා) සිවිල් ආරක්ෂක බළකායේ ලුතිනන් කර්නල් රත්නප්‍රිය බන්දු මහතාට එම ප්‍රදේශයේ ජනතාව සිදු කරන ලද උපහාර දැක්වීම උතුරු පළාත් මන්ත්‍රී එම්. කේ. සිවාජිලිංගම් මහතා හෙළා දැක තිබේ.

ඒ ඊයේ (11) යාපනයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රීවරයා කිළිනොච්චි ජනතාව කර්නල්වරයාට සිදු කරන ලද උපහාරය එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට කරන ලද ද්‍රෝහිකමක් බවත්  හිටපු කොටි සාමාජිකයන් එලෙස හැසීරීම සිදු නොවිය යුත්තක් බවත් පැවසීය.

එමෙන්ම එම ක්‍රියාව තුළින් උතුරේ හමුදා කඳවුරු තවදුරටත් පවත්වාගෙන යායුතු බවට වන මතය  උතුරේ ජනතාව තුළ ස්ථාපිත වීමක් සිදුවන බවත් වැඩිදුරටත්  හෙතෙම පැවසීය.

Rate this item
(0 votes)