April 25, 2024

මෙෙත්‍රී පිලේ අැමැතිවරු පිරිසක් ශ්‍රීලනිප 16 කණ්ඩායමට? ශ්‍රීලනිපයේ වෙනසට මෙෙත්‍රී 03දා අතගසයි

විධායක සභා රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු පක්ෂ නායක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එලඹෙන ජුනි 03 වැනිදා ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ ඊයේ (24) නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීය.

"තාවකාලික නිලධාරීන් මණ්ඩලයක් පත් කරගනිමින් ආරම්භ වෙන පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු හරහා අනාගතයේ ගොඩනැඟෙන එජාප විරෝධී මහා සංවිධානයේ දැවැන්ත කොටස්කාරයන් වීමට අපිට අවස්ථාව ලැබේවි. ඒ වගේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් වන විට අපේ 16 කණ්ඩායමේ ඉන්න මන්ත්‍රිවරු සංඛ්‍යාව 25 දෙනා ඉක්මවා යයි කියලා අපි විශ්වාස කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රිවරු දැනටමත් ඒ ගැන සාකච්ඡා කර තිබෙනවා" යැයිද එහිදී ඩිලාන් පෙරේරා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)