October 22, 2018

වෛද්‍ය වර්ජනය නිසා රෝගීන් අසීරුතාවයට (PHOTOS)

ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළද ගිවිසුමට විරෝධය පාමින් රජයේ වෛද නිලධාරින්ගේ සංගමය විසින් අද (17) ආරම්භ කර ඇති සංකේත  වැඩ වර්ජනය හේතුවෙන් රෝගින් දැඩි අසීරුතාවයකට පත් වී ඇත.

අද සායන දිනයක් බැවින් ප්‍රධාන මුලික රෝහල් ඇතුළු ප්‍රාදේශිය රජයේ රෝහල් ගණනාවකටම රෝගීන් පැමිණ සිටි අතර වෛද්‍යවරුන් වැඩ වර්ජනය කිරිම නිසා ඔවුන් ආපසු ප්‍රතිකාර නොලබා යන ආකාරයක් දක්නට ලැබුණු බව අප වාර්තාකරුවන් පැවසීය.

වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් වතුකරයේ රජයේ රෝහල් වල බාහිර රෝගි අංශය, සායන කටයුතු කිසිවක් සිදු නොකල අතර හදිසි අවස්ථා පමණක් ආවරණය කරන බව එම රෝහල් වල වෛද්‍යවරුන් කියා සිටියේය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)