July 22, 2018

දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ ගැන පරීක්ෂණ අරඹයි

දකුණු පළාතේ කුඩා දරුවන් අතර මේ දිනවල වෛරස්  උණක් පැතිරියාමේ තත්වයක් දක්නට ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක  වෛද්‍ය ජි විජේසුරිය මහතා පවසයි.

කුඩා දරුවන් අතර වෛරසයක්  හා බැක්ටිරියාවක් මගින්  මිශ්‍රණය වි මෙම වෛරස් උණ පැතිරියාමේ තත්වයක් දක්නට ඇති අතර ගාල්ල මාතර හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුනෙන්ම මෙම රෝගි තත්වය වාර්තා වි ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

දැනට මෙය වසංගත තත්වයක් නොවුවද වෙනදාට වඩා කුඩා දරුවන් අතර මෙම  රෝගි තත්වය පැතිරයාමේ තත්වයක් දක්නට ඇති බව පවසන පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දකුණු පළාතේ සියලුම රෝහල්වල මේ සදහා රෝගින්ට අවශ්‍ය පහසුකම් සපයා ඇති බවද පවසයි.

 මේ දිනවල දරුවන් අතර වැඩි වශයෙන්  මෙකි වෛරස් උණ රෝගය පැතිරි යාමේ තත්වයක් දක්නට ඇතත්  වෛරස් උණ රෝගය වැළදුණු වැඩිහිටියන්ද රෝහල් ගතවි  සිටින බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

මෙකි රෝගි තත්වය පිළිබද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක , කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු මගින්  පාසල් වල විදුහල්පතිවරුන් දැනුවත් කිරිමට පියවරගෙන ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.

මෙකි රෝගි තත්වය පිළිබද අදහස් දක්වමින් පළාත්සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජි විජේසුරිය මහතා මෙසේද කිවේය.

“මෙම උණ ඉන්ප්ලුවෙන්සා ද කියලා හරියටම කියන්න බැහැ.එයට සමාන තත්වයක් තමයි තියෙන්නේ  බැක්ටිරියා හා වෛරස්වලින් තමයි මෙම  රෝගි තත්වය ඇති වන්නේ. ඇඩිනෝ වෛරස් තත්වයක්ද වාර්තා වෙලා තියෙනවා.  දකුණු පළාතේ සැම රෝහලකටම අවශ්‍ය පහසුකම්  මෙන්ම ඖෂධ   ලබා දිලා තියෙනවා. මේ ගැන දැනුවත් කරලා තියෙනවා. බාහිර රෝගි අංශයේ එක්කොටසක් මෙම රොගින් පරික්ෂා කිරිමට වෙන් කරලා තියෙනවා. වාට්ටුවල වෙනම ඒකකයක් වෙන් කරලා තියෙනවා. මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා සෙනග  ගැවසෙන  ස්තානවල  අනවශ්‍ය පරිදි ගැවසිම අවම කරන්න කියලා. පොදු ප්‍රවාහනසේව  වලින් ගමන් කිරිමෙදි  තමන්ගේ ආරක්ෂක විදිවිදාන ගැන සැලකිලිමත් වෙන්න. මුඛ වැස්මක් භාවිතා කිරිම.කිවිසුම් යනවිටදි මුඛ  ආවරණය , කරගැනිම සදහා  ලෙන්සුවක්  භාවිතා කිරිම.අත්සේදි ක්‍රම වේදයන් අනුගමනය කිරිම.  කැස්ස, උගුර රිදිම, උණ, කිවිසුම් යමා. ඇග පත වේදනාව යන රෝග ලක්ෂණ තියෙනවානම් දරුවන් දින කිහිපයක් පාසල් යවන්න  එපා.  වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා.”

(ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)