May 26, 2018

විජය කුමාරතුංග රෝහලේ සේවකයින් දෙපිරිසක් අතර ගැටුමක් (VIDEO)

ඊයේ (15) පෙරවරුවේ සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලට පැමිණි රෝගීන්ට සිදු වුයේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම පසෙකලා රෝහලේ සේවකයින්ගේ ගැටුමකට මැදි වීමටයි. 

ඒ රෝහලේ පාලනාධිකාරියට පක්ෂ හා විපක්ෂ සේවක පිරිසක් අතර ඇතිවු මත ගැටුමක් හේතුවෙන්.

සීදුව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ අක්ෂි රෝග ප්‍රතිකාර සම්බන්ධයෙන් දිව‍යිනේ ජනප්‍රිය රෝහලක් ලෙස නම් දරා සිටියි.

නමුත් එම රෝහලේ අක්ෂි ශල්‍යාගාරය මාස කිහිපයක සිට වසා දැමීමට බලධාරීන් කටයුතු කර රෝගීන් දැඩි අසීරුතාවයකට පත් කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සීදුව ශාඛාවේ සභාපති රුවන් බෝගොඩ මහතා පැවසීය.

ඒ මහතා මේ සම්බන්ධව මාධ්‍යයට කරුණු දන්වා සිටි අවස්ථාවේදී එක්ස් කිරණ ශිල්පියෙකු සහ රෝහලේ තවත් සේවකයෙකු අතර ඇතිවූ මත ගැටුම දුරදිග යාමෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.

පසුව රෝහල් අධ්‍යක්ෂ මණ්ඩල සභික මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රෝහලට පැමිණ අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළ අතර එම අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යයට අවසර හිමි වුයේ නැහැ.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 May 2018 11:04