October 22, 2018

"සජිත් කොන්ද පණ නැති ඇමතිවරයෙක්" - මර්වින් කට අරී

නිවාස ඉදිකිරීම සඳහා බව පවසමින්  අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බැලුම්ගල නැමැති ඓතිහාසික පුරාවස්තු සහිත භූමිය යන්ත්‍ර සූත්‍ර දමා  පුරාවස්තු විනාශ කළේ යැයි කියන සිද්ධි පිළිබඳව සොයා බැලීම සඳහා පසුගියදා (09) රාවණා බලය සංවිධානය සිංහලේ සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක භික්ෂුන් වහන්සේලා සහ තවත් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබේ.

එම ස්ථානයට පැමිණි පිරිස සිදු කළ ඇති විනාශයන් හා එම ස්ථානයේ වන වැදී ඇති පෞරාණික ස්ථාන නිරීක්ෂණය කළහ.

එම අවස්ථාවේදී කුඩා ගුවන් යානයක් මගින් ඩෝසර් කර ඇති භූමිය සහ බැලුම්ගල නිරීක්ෂණය කරන ආකාරය අවස්ථා කිහිපයකදීම දැක ගැනීමට හැකියාව ලැබුණු බව වාර්තා වේ.

ඉපලෝගම බැලුම්ගල නව ගම්මානයට නිවාස සංවර්ධන අධිකාරිය මඟින් තැබූ මුල්ගල හිටපු අමාත්‍ය මර්වින් සිල්වා විසින් ගලවා දැමීය.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බැලුම්ගල නම්වූ පුරාවිද්‍යා භූමියක නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා බව පවසමින් ඩෝසර් කර දැමු පුරාවිද්‍යා නටබුන් නිරීක්ෂණය කිරීම සඳහා පසුගියදා (12) හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ නිරීක්ෂණය කිරීමෙන් පසු නිවාස සංවර්ධන අධිකාරිය මගින් නිවාස තැනීම සඳහා තැබූ මුල්ගල ගලවා ඉවත් කළේය.

මාධ්‍ය මගින් මේ පිළිබඳව හෙළිදරව් කිරීමත් සමඟ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු කණ්ඩායම මෙම ස්ථානයට පැමිණ පුරාවිද්‍යා භූමියේ විනාශය නිරීක්ෂණය කොට මෙය සිදු කළ පිරිසට දැඩි ලෙස දෝෂාරෝපණය කරන්නට ද විය.

අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ පොලිස් මුලස්ථානය පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර තවත් පාර්ශව කිහිපයක්ද ස්ථාන කිහිපයකදී මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

එහිදී මර්වින් සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය.

“දුටුගැමුණු රජ්ජුරුවන්ගේ ජය භූමිය විනාශ කරපු අයට විරුද්ධව, තරාතිරම නොබලා දඬුවම් කරන්න කියලා මම පොලිස්පතිතුමාට ලියුමකින් ඉදිරිපත් කරා පැමිණිල්ලක්.  පියන්ලා, මුරකාරයෝ ඒ මිනිස්සුන්ට මට ඕනේ නැහැ දඬුවම් කරන්න. දඬුවම් කරනවා නම් ටොප් ලෙවල් එකේ ඉන්න අයට, මොකද මම ගිහිල්ලා මුල් ගල විසි කරලා ආවා. මම එහෙමනේ වැඩ කරන්නේ. මම රාවණා බලයේ හාමුදුරුවන්ට කියනවා කරුණාකරලා ඔලුව බලා ගන්න කියලා දන්න වෛද්‍යවරයෙක්ට කියලා. ගෞරවණිය ස්වාමීන් වහන්සේලාට කියනවා මගේ කට අවුස්ස ගන්න එපා කියලා. මේක වුණාට පස්සේ මේ විෂය භාර ඇමතිවරයා දැනගන්න ඕනේ මූව ඉන්ටර්ඩික් කරන්න. ඒ දෙකම වුණේ නැතිනම් ඒ ගොල්ලෝ කොන්ද පණ නැති ඇමතිවරු. මම ඉන්න කාලේ මම ක්‍රියා කරපු හැටි මම දන්නවා. මේක ප්‍රේමදාසගේ කාලේ ඉඳලා අපේ කාලෙත් මේ පුරාවස්තු කේස් තිබුණා. මමත් ඕකට ආගිව් කරලා තමයි මටත් ඔය නොමිනේෂන් නොදෙන්නත් එක හේතුවක් වුණේ.”

 

 

Rate this item
(0 votes)