May 26, 2018

FCIDයේ වැඩබැලීමට SDIG රවී සෙනවිරත්න

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ වැඩබැලීම සඳහා පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඩබ්ලිව්.ආර්.බී සෙනවිරත්න මහතා පත්කර තිබේ.

ඩී.ඩබ්ලිව්.ආර්.බී සෙනවිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට අමතරව මුල්‍ය අපරාධ කොට්ඨාසයට ද පත්කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

මුල්‍ය අපරාධ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා පසුගිය 14 වනදා පොලිස් සේවයෙන් විශ‍්‍රාම යාමෙන් හිස් වු මුල්‍ය අපරාධ කොට්ඨාසයට ස්ථිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත්කරන තෙක් පොලිස්පතිවරයා මෙම පත්වීම සිදුකර ඇත.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කළේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කරන නිලධාරියා සම්බන්ධයෙන් හෙට (17) තීන්දුවක් ගැනීමට නියමිත බවයි.

පොලිස්පතිවරයාගේ නිර්දේශය ද සැළකිල්ලට ගනිමින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති පත් කරනු ඇතැයි එම ආරංචි මාර්ග පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 May 2018 09:21