August 15, 2018

හෙට සිට බස් වර්ජනයක්

රජය මගින් ලබාදුන් සියයට 6.56 ක බස් ගාස්තු වැඩිවීම ප්‍රතික්ෂේප කරමින් පෞද්ගලික බස් හිමියෝ හෙට (16) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය, අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය හා සියලු බස් සමාගම් මෙම වර්ජනයට එක්වීමට නියමිතය.

Rate this item
(1 Vote)