October 17, 2018

ලක්ෂ 7ක දුම්වැටි තොගයක් කටුනායක දී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවේ සිට රැගෙන ආ දුම්වැටි තොගයක් අද (15)  අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බැව් වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .

මොහු කොළඹ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි .

ඔහු අද (15) අලුයම 5.50 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 349 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි අතර එදින උදෑසන 6.30 ට පමණ රේගු නිලධාරීන් විසින් මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ බෙන්සන් ඇන්ඩ් හෙජස් වර්ගයේ දුම්වැටි 15,400 ක් අඩංගු , දුම්වැටි කාටූන් 77 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .ඒවායේ වටිනාකම රුපියල් 7,70,000 ක් බව රේගුව සදහන් කරයි.

කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ අචල චන්ද්‍රසේකර මහතා විසින් මේ පිළිබඳව වැඩිදුර රේගු පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කර මේවා නීති විරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයාට රුපියල් 75,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

Rate this item
(0 votes)