May 26, 2018

පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව විරෝධතාවක

ඉන්ධන මිල වැඩිකිරිමට විරෝධය දක්වමින් බෝපේ පොද්දල ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සභාපති දිල්රුක් අබේකොන් මහතා ඇතුළු මන්ත්‍රිවරු කළු පටි පැළද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පාපැදිවලින් ඊයේ (15) පැවති බෝපේ පොද්දල ප්‍රාදේශිය සභා රැස්විමට පැමිණියහ.

මෙකි මන්ත්‍රිවරු හා මන්ත්‍රිවරියන් පාපැදිවලින් ප්‍ර දේශිය සභාව වෙත පැමිණෙද්දි ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රිවරු හා මන්ත්‍රිවරියන් තණකොළ හා පිදුර මිටි රැගෙන විත් මොවුන් ප්‍රාදේශිය සභා කාර්යාලය අසලදි පිළිගනු ලැබිය.

කළේගාන හන්දියේ සිට පොහොට්ටුවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රිවරු මන්ත්‍රිවරියන් කළුපටි පැළද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් රතිඤ්ඤා පත්තුකරමින් සභා රැස්විමට සහභාගි විමට පැමිණියහ.

රනිල්ගේ පාලනය දැන් රටම කළුවරේ, මහ බැංකුව කාලා සුද්දා, තෙල් ටැංකිය දැම්මා ඉබ්බා සටන් පාඨ ලියු පුවරු ප්‍රදර්ශනය කරමින් පොහොට්ටුවේ මන්ත්‍රිවරු පැමිණියහ.

මේ අතර එජාප මන්ත්‍රිවරු ද මෙයට විරෝධය පළ කරමින් සභා කාර්යාලය ඉදිරිපිට රැදි සිටියහ.

(ගාල්ල ලලිත් චාමින්ද )

Rate this item
(0 votes)