April 25, 2024

ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මහතා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කොළඹ හෝටලයකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මධ්‍යම රාත්‍රී 12ට පමණ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 27/9, රොස්මිඞ් පෙදෙස, කොළඹ 07 ලිපි නැති එම්. ජී. ෂුගර් ලංකා පුද්ගලික සමාගමේ ප‍්‍රධානී කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා නැමැති ඉන්දීය ජාතිකයා විසිනි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර්   පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමකට අයත්  යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට  අල්ලස් වශයෙන් රුපියල්  මිලියන 540 ක් ඉල්ලා එය රුපියල් මිලියන 100 ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20 ක් අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි සැකකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා ඇත.

ආචාර්ය අයි. එච්. කේ මහානාම මහතා මීට පෙර ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 04 May 2018 08:16