April 20, 2018

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් දෙවන වරටත් රෙජිනෝල්ඩ් කුරේ වැඩ භාර ගනී

උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් දෙවන වරටත් රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය තනතුරේ අද  (17) යළිත් වැඩ බාර ගන්නා ලදී.

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරුන් මාරු කිරීමට ගන්නා ලද තීරණයකට අනුව රෙජිනෝල්ඩ් කුරේ මහතාව මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කල අතර එම තනතුර සම්බන්ධයෙන් වූ පත් වීම් ලිපියද ජනාධිපතිවරයා අතින් ලබා ගත්තේය.

උතුරේ ආගමික නායකයින්ගේ හා තවත් පිරිසකගේ බලවත් ඉල්ලීම මත ජනාධිපතිවරයා විසින් ඊට පසු දිනම රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධූරය අහෝසි කොට යළිත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන්ම ඔහුව පත් කරණු ලැබීය.

අප්‍රේල් මස 17 වෙනිදා යාපනයේ පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී රෙජිනෝල්ඩ් කුරේ මහතා යළිත් දෙවන වරටත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් වැඩ බාර ගැනීමෙන් පසුව ආණ්ඩුකාර කාර්යාලය වෙත පැමිණ සිටි විශාල පිරිසක් ඒ මහතාව මහත් හරසරින් යුතුව පිළිගන්නා ලදී.

රෙජිනෝල්ඩ් කුරේ මහතා ආණ්ඩුකාරවරයා වශයෙන් වැඩ බාර ගැනීමෙන් අනතුරුව යාපනය ශ්‍රී නාග විහාරයට ගොස් විහාරාධිපති හිමියන් හමු වී ආශිර්වාද ලබා ගත් අතර යාපනය රදගුරු හිමිපාණන්ද, නල්ලූර් කෝවිලේ කුරුක්කල්වරයාද හමු වී ආශිර්වාද ලබා ගත්හ.

(දිනසේන රතුගමගේ)

Rate this item
(1 Vote)