April 20, 2018

මහින්දානන්ද අලුත්ගමගේට ඇප

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඊයේ(16) දින රක්ෂිතබන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඇප ලබා දී තිබේ.

කොටුව රෙජිස්ට්‍රාර් විසින් අදාළ ලිය කියවිලි සලකා බලා ඒ මහතාට ඇප ලබා දී තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ විදේශ ගමන් බලපත්‍රය මේ වන විට මහාධිකරණය හමුවේ පවතින බැවින් ඒ බව ඔප්පු කිරීමට නොහැකිවීම හේතුවෙන් ඒ මහතා ඊයේ දිනයේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

ඒ අනුව අදාළ ලියකියවිලි අද දිනයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොටුව රෙජිස්ට්‍රාර් විසින් අදාළ ලිය කියවිලි සලකා බලා ඒ මහතාට ඇප ලබා දී තිබේ.

Rate this item
(1 Vote)