August 18, 2018

ගාල්ලේ මුහුදෙන් කිලෝ 40ක පිළිමයක් සොයා ගැනේ

ගාලු කොටුව ආශ්‍රිත මුහුදු තිරයේ දි කිමිදුම්කරුවකු විසින් සොයාගත් බුදුපිළිමය පුරාවස්තුවක් කියා සොයා බැලීම සදහා පුරාවිද්‍යා ගවේෂණ නිලධාරියකු ලවා පරික්ෂා කිරීමට කටයුතු කරණ බැව් ගාල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකොන් මහත්මිය පැවසුවාය.

මේ පිළිබද අප කළ විමසුමක ද සහකාර අධ්‍යක්ෂකවරිය මෙසේ අදහස් දැක්වීය.

“මෙකි බුද්ධ ප්‍රතිමාව පුරාවස්තුවක්ද නැද්ද යන්න පිළිබද පරික්ෂා කිරීමට කටයුතු කරනවා. බුද්ධ ප්‍රතිමාව පරික්ෂා කිරීම සදහා පුරාවිද්‍යා ගවේෂණ නිලධාරියකු යැවීමට කටයුතු කරනවා. මේ ගැන ගවේෂණය කිරිමෙන් පසු තමයි අපට කියන්න පුළුවන් මෙය පුරාවස්තුවක් ද නැද්ද කියලා. පුරාවස්තුවක් වුනොත් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් භාරගන්න වෙනවා.”

ගාල්ල කොටුව ආසන්න මුහුදු තිරයේ තිබි කිලෝ හතලිහක් පමණ බරින් යුත් බුදු පිළිමයක් සොයාගෙන ඇත. කොටුව ආශ්‍රිත මුහුදු තිරයේ කොරල්පර නැරඹීම සදහා නිතර පැමිණෙන කිමිදුම්කරුවකු විසින් මෙකි බුදු පිළිමය සොයාගෙන ඇත.

මෙකි බුදු පිළිමය වෙරළ තිරයේ සිට අඩි 150ක් හා 200ක් අතර දුරකින් අඩු පහක් දහයක් අතර දිය යට තිබි ඇත. කිමිදුම්කරු මිතුරකු සමග මෙකි මුහුදු තිරයේ කිමිදෙමින් සිටයදි මෙම පිළිමය හමුවි ඇත. දැනට මෙකි බුදු පිළිමය ගාල්ල කොටුවේ පිහිටි ශ්‍රි සුදර්මාලය විහාරස්ථානයේ තැන්පත්කොට ඇත.

(ගාල්ල ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)