March 21, 2019

ආවා කල්ලිය වැඩ අල්ලයි

යාපනය නෙල්ලියඩි පොලිස් වසමේ ඊයේ (14) රාත්‍රියේ ආවා කල්ලියේ බවට සැකකෙරෙන පිරිසක් විසින් තරුණයින් දෙදෙනෙකුට තියුණු ආයුධ වලින් පහර දී බරපතල තුවාල සිදු කොට පලා ගොස් ඇති බවට නෙල්ලියඩි පොලීසිය කියා සිටියේය.

නෙල්ලියඩි මන්දනේ ප්‍රදේශයේදී මෙම පහරදීම් සිදු කොට ඇති අතර අංක තහඩු නොමැති යතුරු පැදිකින් පැමිණි දෙදෙනෙකු විසින් තියුණු ආයුධ වලින් තමන්ට පහර දී පලා ගිය බවටත් පහර දුන් පිරිස් නාදුනන බවටද පහර කෑමෙන් බරපතල තුවාල ලැබූ තරුණයින් දෙදෙනා පොලීසියට පවසා ඇත.

පහරදීමෙන් බරපතල තුවාල ලබා ඇත්තේ මන්දුවිල් ප්‍රදේශයේ පදිංචි කරුවන් වන ටී.සජින්සන් හා ශ්‍රීධරන් ශ්‍රී ප්‍රභූ යන අයයි. තුවාල කරුවන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහරදුන් පරිස් ආවා කල්ලියේ බවට සැක කෙරෙන අතරම එම පිරිස් සොයා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කොට ඇති බවටද නෙල්ලියඩි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)