March 25, 2019

වල්ලපට්ටා තොගයක් සමග සැකකරුවන් 4ක් අත්අඩංගුවට

වල්ලපට්ටා තොගයක් නීති විරෝධී ලෙස ඩුබායි බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .

ඔවුහු මීගමුවේ පදිංචිකරුවෝය.                     

ඔවුන් රැගෙන ආ ගමන් මලු 06 ක රුපියල් 9,462,500 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්රෑම් 119 ක්   තිබුණු බව රේගුව කියයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 14 April 2018 23:26