July 23, 2018

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි

අදත් දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණු, මධ්‍යම සහ ඌව පළාත්වල මිලිමීටර 100 ක පමණ තද වැසි බලාපොරොත්තු හැකි බවත් දකුණු වෙරළ බඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලා සිටියි.

මේ අතර  අද දින (14) දහවල් 12:10ට කිළිනොච්චි, වඩ්ඩක්කච්චි සහ ඉරුඩ්ඩුමඩු යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

Rate this item
(0 votes)