April 25, 2024

බදුල්ලේ වැව් සිඳේ 

මේ දිනවල බදුල්ල දිස්ත්‍රික්කයට පවතින දැඩි නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ බෙහෝ වැව් සිඳී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.

විශේෂයෙන් වැලිමඩ සානුවේ දැඩි නියං තත්ත්වය හේතුවෙන් මෙවර යල් කන්නයේ අර්තාපල් වගාව ද ජලය නොමැති ව අසාර්ථක වී ඇති බව ප්‍රදේශයේ ගොවීහු ප්‍රකාශ කරති.

ප්‍රදේශයේ පවතින උමාඔය, හාල්ඔය වැනි ඔයවල් ද සිඳී යමින් පවතින බවත් අර්තාපල් වාගාව සඳහා ජලය යෙදීමේ දී වතුර මෝටර් කිරීම සඳහා විශාල වියදමක් වැයවන බවත් ගොවීහු පෙන්වා දෙති.

ප්‍රේමලාල් රත්නායක

Rate this item
(1 Vote)
Last modified on Friday, 18 July 2014 13:20