March 29, 2024

තංගල්ලේ තීන්දුවට බ්‍රිතාන්‍යයේ ප්‍රසාදය

තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික සහන සේවකයෙකු වූ කුරාම් ෂෙයික් ඝාතනය කර ඔහුගේ පෙම්වතිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ ලබාදුන් තීන්දුව පිළිගන්නා බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

එම නඩුවට අදාලව නීතිපති දෙපාර්තාමේන්තුවේ කාර්යභාරය නිවැරදිව ඉටුකළ බවත් ඒ වෙනුවෙනු සිය ස්තූතිය ප්‍රකාශ කරන බවත් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

'යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා ඔහුගේ පවුලේ සමාජිකයන් හා මිතුරන් ගෙන ගිය දුෂ්කර හා අසීරු උත්සාහයෙන් පසු ඔවුනට යම් අවසානයක් දැකීමට හැකිවී ඇත. නීතිපති දෙපාර්තමේන්තුව දැක්වූ උසස් වෘත්තීයමය හා අවංක භාවය ගැන ඔවුනට ස්තුති කරන්නට කැමැත්තෙමු. එම සිද්ධියේ වර්ධනයන් සමීපව නිරීක්ෂණය කරන්නෙමු.' යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව එම නඩුව අද කොළඹ මහාධිකරණයේදී විභාගයට ගෙන තින්දුව ප්‍රකාශ කරමින් සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, තංගල්ල හිටපු ප්‍රාදේශීය සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට බරපතළ වැඩසහිත වසර 20 ක සිරදඬුවම් නියම කර තිබේ.

කුරාම් ෂෙයික් මැරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද, වික්ටෝරියා සමූහ දූෂණය කිරීමට වසර 20ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් ද නියම කළ විනිසුරුවරිය දඬුවම එක වර ගෙවී යන ලෙස ද නියෝග කර ඇත.

මාස තුනක පමණ කාලයක් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ නඩුව විභාග විය.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 July 2014 13:39