April 25, 2024

ඥාණසාර හිමිට "ඔස්ට්‍රේලියාවට ඇතුල්වීම තහනම්"

බොදුබල සේනා සංවිධානයේ ප‍්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඔස්ට්‍රේලියාවට වීසා ලබා නොදීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි.

උන්වහන්සේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට වීසා ඉල්ලුම් කර ඇති බවත් එහිදී ඔස්ට්‍රේලියානු ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වීසා ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් අප බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් විමසූ අතර එහිදී ඔහු පැවසූවේ  ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඔස්ට්‍රේලියාවට යාමට වීසා ඉල්ලුම් කර නොමැති බවත් එසේ ඉල්ලුම් කිරීමටත් පෙර ඔස්ට්‍රේලියානු මාධ්‍ය මගින් ඔස්ට්‍රේලියා රජය වීසා ලබා නොදීමට කටයුතු කර ඇති බවට කරන ප්‍රකාශ මාධ්‍ය මෙහෙයුමක් බවත්ය.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර කිහිපයක සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ලෙස ආරාධනා ලැබෙන බවත් නමුත් තවම වීසා ඉල්ලුම් කර නොමැති බවත් වීසා ඉල්ලුම් කිරීමට පෙර මෙවැනි මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක වීම උන්වහන්සේ ඔස්ට්‍රේලියාවට පැමිණීම වැලැක්වීමට සිදු කරන ඒවා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 18 July 2014 11:54