April 19, 2024

තංගල්ල සභාපතිට 40වසරක සිර දඬුවම් 

2011 වසරේදී තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී කුරාම් ෂෙයික් මරා ඔහුගේ පෙම්වතිය වූ වික්ටෝරියා සමූහ දූෂණයට ලක් කළැයි තංගල්ල ප්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ ඇතුළු සිව්දෙනකුට අද(18) කොළඹ මහාධිකරණය විසින් වසර 40ක සිර දඬුවම් පැනවා තිබේ.

{module LOLC}

එම සිරදඬුවම වසර 20කින් ගෙවී යන ලෙස පනවා ඇති අතර මාස තුනක පමණ කාලයක් කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය ඉදිරියේ නඩුව විභාග විය.

එම වගඋත්තරකරුවෝ වන ඕ.ඒ ලහිරු කැලුම් ,යු. සමන් දේශප්‍රිය, සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ, ඩබ්ලිව් ප්‍රගීත් චතුරංග, එම් සරත් හෙවත් සහන් හා ප්‍රගීත් චතුරංග අය වේ.එම්. සරත් හෙවත් සනත් හා ප්‍රගීත් චතුරංග නිදහස් කැරිණි.

ඒ අනුව තංගල්ල ද නේච්ර් හෝටලයේ නත්තල් සාදයට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ඝාතනය කොට ඔහුගේ පෙම්වතිය දූෂණය කළ බවට තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු 6 දෙනෙකුට එරෙහිව නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරිණි.

එම අවස්ථාව දැක බලාගැනීම සඳහා මෙම සිද්ධියට ගොදුරු වූ වික්ටෝරියා ඇලෙක්සැන්ද්‍රෝවා නමැත්තිය සහ මියගිය කුරාම් ෂෙයික්ගේ වැඩිමල් සහෝදරයා ලංකාවට පැමිණ ඇතැයි වාර්තා වේ.

 

Rate this item
(1 Vote)
Last modified on Sunday, 20 July 2014 10:19